Sep 27, 2017

AI Thinker A6 GSM/GPRS Module with Arduino


This video demonstrate how to use AI Thinker A6 GSM/GPRS module with Arduino for make a voice call and send a text message. Don't use Arduino 5V for power-up the module. This is for demonstration only.
Arduino Code: https://goo.gl/g2AFJf A6/A7/A6C User Manual: https://goo.gl/Chjnfk At Command list: https://goo.gl/4S9H96






Jan 25, 2017

පරණ ලැප්ටොප් වෙබ් කැම් එකක් USB කැම් එකක් ලෙස භාවිතය.(HF5711-01-A-B10 / CN0314-0v01-A3)


මේක බොහොම සිම්පල් වැඩක්..ඒත් කරන්න අවශ්‍ය විදිය හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්..ඒ නිසා මේක සිම්පල් වැඩක් කිව්වත් ටිකක් අමාරු වැඩක්.. :p

මෙහෙමයි සීන් එක...අපේ ගෙවල් හරියේ ඉන්නවා නටරාජා කියල පොරක්...නම නම් නටරාජද කියල මම හරියට දන්නේ නෑ..මට නම් නටරාජා කිව්වම මතක් වෙන්නේ අපි 6,7 වසර වලදී තිබුන නටරාජා කවකටු පෙට්ටිය. ඒක යකඩ පෙට්ටියක්. මේ නටරාජත් එකතු කරන්නේ පරණ යකඩ.යකඩ කිව්වට ඕනෑම කුණු ගොඩක් මේ මිනිහ සල්ලි කරගන්නවා. නෝමල් යකඩ එකතු කරන කෙනෙක් නෙමේ..කට්ටිය යකඩ එකතු කරන් ඇවිත් ගොඩ ගහල තියෙන තැනක්.

මෙතන තියෙනවා නියම යකඩ කෑලි..ලැප්ටොප්..කම්පුටර්..ප්‍රින්ටර්..ෆොටෝ කොපි මැෂින්..මයික්‍රෝවේව්...අනන් මනං මහා ගොඩක්..
සාමාන්‍යයෙන් නිවාඩුවක් ආවම නටරාජා බලන්න යන එක මගේ පුරුද්දක්..මගේ සහෝදර මල්ලි සඳුන් එක්ක වැඩක් නැති උනත් එතනට ගිහිං ප්‍රින්ටර් එකක් පොටෝ කොපි මැෂින් එකක් මස් කරන එක නියම විනෝදාංශයක්.

ලඟදි ලැප්ටොප් එකක් තියෙනවා දැක්ක..නිකමට වගේ හිතුනා මේ කැම් එක serial ඉන්ටර්ෆේස් කරන්න ඇහැක් නම්, Arduino එකකින් මොකක් හරි සෙල්ලමක් කරන්න ඇහැක් වෙයි කියල.. :p 
ඉතිං සඳුන් එක්ක එකතුවෙලා කැම් එක ගලෝගෙන, ලැප් ඒකත් මස් කරලා ආව..

ඇවිත් කැම් එකේ මොඩෙල් නම් එක ගුගල් කරලා බලද්දී එක සිරියල් නම් ඉන්ටර්ෆේස් කරන්න බැරි බව තේරුනා...හැබැයි සිම්පල්ම විදියට USB කනෙක්ට් කරන්න පුළුවන්...

මේ තියෙන්නේ CN0314-0v01-A3 කියන මොඩෙල් නම්බර් එක තියෙන කැම් එක කෙලින්ම USB සෙට් කරන විදිය.


මේ කියල තියෙන විදියට කරන්න...වින්ඩෝස් 10 වින්ඩෝස් 7 දෙකේදීම නිකන්ම වැඩ කරනවා...කිසි ගින්නක් නෑ..

කෙලින්ම 5V නම් දෙන්න එපා..මේ කේ කියල තියෙන විදියට ඩයෝඩ් දෙකක් දාලා අඩු කරලා දෙන්න..නැත්නම් APL1117-3.3v රේගියුලේටර් එක හරි වෙන ක්‍රමයකින් හරි 3.3V දෙන්න..

D+ , D- මාරු වුනාට නම් කෙස් එකක් නෑ. ඒ කිව්වේ කැම් එකට හානියක් නම් වෙන්නේ නෑ...මොකද මේක මම කියපු විදියට කරේ සඳුන් මල්ලි..එයා D+ D- මාරු කරලා තමයි තිබුනේ...අද ඒ පැත්තේ ගියාම බැලුව අවුල..කිසිම අවුලක් නෑ..කරන්න වෙන දේකුත් නැති නිසා D+ D- මාරු කරා...ඔන්න එතකොට අපුරුවට වැඩ.. J

සඳුන් ඊට පස්සේ දවසකත් කුණු ගොඩ අවුස්සලා තව කැම් එකක් අරන් ඇවිත් තිබුනා.. HF5711-01-A-B10 තමයි මොඩෙල් නම්බර් එක... හෙව්වට කලින් වගේ ලින්ක් එකක් නම් හම්බුනේ නෑ කරන විදිය ගැන...
මෙන්න මේ ප්ෆොටෝ එක නම් හම්බුනා..

මේ සයිට් එකෙන්

මේකෙ නම් පින් කීපයක් නම් කරලා තියෙනවා...ඒත් ඉතිං චීන බාසාවෙන්.. මේක ගුගල් ට්‍රාන්ස්ලේටර් වලින් ට්‍රාන්ස්ලේට් කරන්නත් ටයිප් කරන්න වෙනවා..ට්‍රයි කරා ටයිප් කරන්න..ඒත් එක විකාර වැඩක්..එක අකුරක් හොයාගෙන අනිත් අකුර ටයිප් කරද්දී පලවෙනි අකුර වෙනස් වෙලා..ඒ මම හිතන්නේ ඒ සිස්ටම් එකේ හැටි..එහෙම හරි යන්නේ නෑ..අකුරු හොය හොයා ඕක ටයිප් කරන්නම පැය ගානක් යාවි.. ඉතිං, මෙන්න මේ ටික විතරක්,


 crop කරලා අරන් මේ චයිනීස් OCR එකකට දාල බැලුවා..


කරුමේ කියන්නේ මේ පොස්ට් එක ලියනකොට මම අයෙමත් OCR එකට දැම්මහම එන්නේ මෙහෙම විකාරයක් :/ ... මක්ක වෙලාද මන්ද OCR එකට..මයේ හිතේ ඌ හදල ඇත්තේ AI වගේ ටෙක්නොල්ජියක් දාල... අනේ මන්ද :/

戛撇极
血麒lj 正正
P

电宿
ඕක ගුගල් ට්‍රාන්ස්ලේටර් දැම්මම එන්නේ මෙහෙම...අදහසක් ගන්න නම් බෑ..  :/ 


කලින් නම් ආවේ ඔහොම නෙමේ...එකේ මුල් පේලි දෙක ලස්සනටම තිබ්බා power negative, signal negative කියල...ඒ අනුව මම උපකල්පනය කරා අනිත් වයර් දෙක..මෙහෙමයි නියමම විදිය..


පහල තියෙන ෆොටෝ එකේ සුදු සහ කහ වෙන වෙනම තියෙන්නේ.. ඒ නිසා සුද පාට Power- නම් කහ පාට Power+ වෙන්න පුළුවන්..නිල් පාට ඒකයි කොළ පාට එකයි twisted pair ඒ නිසා සිග්නල්...නිල් පාට එක D- නිසා කොළ පාට D+ ... අනිත් ට්විස්ටඩ් පෙයාර්ස් දෙක මයික් දෙකේ සිග්නල්..



මේකත් කලින් එක වගේම 3.3V වලින් තමයි...ඩයෝඩ් දෙකක් හරි වෙන විදියකට හරි සප්ලයි දෙන්න ඕන.


මේ විදියට කනෙක්ට් කරාම මේකත් වින්ඩෝස් 10 වල සුපිරියටම වැඩ..මේකෙ නම් කලින් කැම්එක වගේ නෑ.. VGA එකක්.. වින්ඩෝස් 7 වලට නම් ඩ්‍රයිවර්ස් දාන්න වෙයි.


වැඩ කරනවානම් LED එක පත්තු වෙනවා මෙහෙම .. මේ මොඩෙල් දෙකේම එහෙමයි..

එහෙනං ඉතිං කෑලි ගලවන පරණ ලැප් එකක් හම්බුනොත් මේ විදියට කරලා බලන්න...හැම එකකම වගේ USB support ඇති මම හිතන්නේ...

PS

ට්‍රආන්ස්ලේටර් වල අකුරු ඇඳලා බලන්නත් පුළුවන්...හැම එකම ඇන්දට හරි අකුරම එන්නේ නෑ වගේ..මෙහෙම නම් ආව..

මේ ටිකෙනුත්, අර චයිනීස් ටිකේ තේරුම හොයාගන්න පුළුවන්..
අන්තිම පේලිය නම් හරි..3.3V  +
电压  කියන ටිකේ අදහස voltage කියන එක..ඒ නිසා පළමු සහ අවසන් පේලිය voltage වලට කියන්න පුළුවන්.
正 කියන අකුරෙන් දක්වන්නේ positive කියන අදහස.. ඒ නිසා අවසන් පේලියේ අර්ථය voltage positive කියන එක..
එහෙනම් පලවෙනි පේලිය voltage negative කියන එක වෙන්න ඕන.
ඒ වගේම 3 වෙනි පේලියේත් 正 අකුර තියෙනවා ...දැන් voltage pins හොයාගෙන ඉවර නිසා මේ තුන් වෙනි පේලියේ positive කියන්නේ signal positive..ඒ කියන්නේ D+
ඉතිං තව ඉතුරු එකයි...දෙවැනි පේලිය..ඒක D- විය යුතුයි.. 

ජය වේවා හැමෝටම..
බුදු සරණයි..



Jul 4, 2016

Neerja 2016 its the very emotional moment


“නීර්ජා“
හදවතටම දැනෙන සිදුවීම් බොහොමයි.
එයිනුත්,නීර්ජා අඬ අඬා “මෙරෙ සප්නො කි රාණි“ ගීතය කියන දර්ශනය.......





Jan 20, 2014

බ්ලොග් එකට යන එන අය ගැන පොඩ්ඩක් හොයල බලමු...


ගොඩක් අය බ්ලොග් ලියනවා.ඒ ඒ අය දන්නා දේවල්,ඒ ඒ අයගේ අත්දැකීම්,...මේවා අනිත් අයට දැනගන්න..අනිත් අයට ඒ මගින් යහපතක් කරන චේතනාවෙන් තමයි ගොඩක් අය බ්ලොග් ලියන්නේ.කොහොම උනත් මේ බ්ලොග් ලියන අය තමන්ගේ කාලය,ශ්‍රමය කැප කරලා ලියන දෙයින් සතුටට පත් වෙනවා.ලයික්,ශෙයා,කමෙන්ට් එහෙම එනවනං කවුරුත් ආසයි.ඒ තමයි බ්ලොග් ලියන අය ලබන අහිංසක සතුට.

සමහරු යන එන අය ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්නේ.එහෙම ඉන්නේ ඒ ඒ අයට ඕන කරනදේ දැනගෙන බ්ලොග් එක බලන අය වැඩි කරගන්න.

සමහරු ඉන්නවා බ්ලොග් එක කියවලා කමෙන්ට් එකක් වත් නොදා යනවා.එහෙම ගිය අය ගැන යන්තන් හරි දැනගන්න පුළුවන් අර අංක වැටෙන පොඩි කවුන්ටර් එකෙන්.

මම දැන් කියන්න යන්නේ මේ වගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් බ්ලොග් ලියන අයට තමන්ගේ බ්ලොග් එකට එන යන අය බලන්නේ මොනවද,එන්නේ මොන විදියටද(මුණු පොතෙන්ද..බ්ලොගර් වලින්ද..වර්ඩ්ප්‍රෙස් වලින්ද..),එන යන අය මොන රටවල් වලද,මොන මොන බ්‍රවුසර් වලින්ද එන්නේ,එන අය තමන්ගේ ලිපිය කොච්චර වෙලාවක් කියවනවද,.........මේ වගේ මමත් හරියට නොදන්නා ගොඩක් දේ බලාගන්න පුළුවන්.තමන්ට අවශ්‍ය දින පරාසය තුලදී තමන්ගේ බ්ලොග් එක කියවන,යන එන අය ගැන අදහසක් ගන්න පුළුවන්.
විශේෂයෙන්ම කියන්න ඕන.මෙතැනදී යන එන අයගේ පුද්ගලිකත්වය අපිට හොයන්න බෑ.මේකෙන් IP Trace වෙන්නේ නෑ.මම දන්නා විදියට.මේක ගුගල් සවිස් එකක්.කොහොමත් ගුගල් එයාලගේ බ්ලොග් වලට එන යන අය ගැන විස්තර වෙන පාර්ශවයකට දෙනවා කියන්නේ එයාලම එයාලගේ තත්ත්වය පහල දාගන්නවා කියන එක.
ලොකේෂන් කියලා පෙන්නන්නේ ආසන්නම නගරය.නැතුව ගෙදර අංකය පෙන්නන්නේ නෑ.තමන් ආපු නෙට්වක් එක පෙන්නනවා.මොබිටෙල් ද,එටිසලට්ද,SLT ද................කියලා.
කිසිම පුද්ගලික තොරතුරක් මේකෙන් හොයන්න බෑ.තමන්ගේ බ්ලොග් එකේ දියුනුවට තමන් මොනවද ලියන්න ඕන,තමන්ගේ ආත්ම තෘප්තිය වැඩි කරගන්නවා හැර මේකෙන් කරන්න පුළුවන් දෙයක් මට නං තේරෙන්නේ නෑ.

හරි...කරන්න පුළුවන් දේ බැරි දේ කිව්න්නේ...කරන්නේ මෙහෙමයි...
  • 1.       මුලින්ම තමන්ගේ ජි-මේල් එකෙන් ලොග් වෙන්න ගුගල් වලට.
  • 2.       දැන් http://www.google.com/analytics/ යන්න.
  • 3.       Access Google Analytics click කරන්න.





1 පියවරේ විදියට හරියට ලොග් වෙලා නැත්නම් මේ විදියට Sign in වලින් ලොග් වෙන්න.
  • 4.       Sign Up click කරන්න.

  • 5.       දැන් analytic account එකට ඕන කරන තොරතුරු දෙන්න.(මම මගේ ටෙස්ට් බ්ලොග් එකේ තොරතුරු දීලා තියෙන විදියට.තමන්ගේ බ්ලොග් එක අනුව මේවා වෙනස් කරගන්න.)....ඔක්කොම විස්තර දීලා Get Trac ID click කරන්න.





  • 6.       ඇග්රිමන්ට් එක අක්සේප්ට් කරන්න.






  • 7.       දැන් මේ විදියට ට්‍රැකින් ID ඒකයි Tracking code එකයි ලැබෙයි.තවම ට්‍රැකින් එක පටන් අරන් නෑ කියල කියනවා මෙතන.


  • 8.       දැන් https://www.blogger.com/home යන්න.ඔයාලගේ බ්ලොගර් හෝම් පේජ් එක.ඒකෙ Settings වල Others යන්න.7 පියවරේ ලැබුන Tracking ID එක කොපි කරලා,Analytic Web Property ID කියන එකට දාන්න.පහල රුපයේ විදියට.


  • 9.       දැන් බ්ලොගර් හෝම් පේජ් එකෙන් Template වල Edit HTML ක්ලික් කරන්න.


  • 10.   දැන් 7 පියවරේ ලැබුන Tracking Code එක මේ රූපේ විදියට, <head> ටැග් එක පටන් ගත්ත ගමන්ම දාන්න.Save template ක්ලික් කරන්න.






දැන් ගුගල් එකෙන් ට්‍රැකින් වැඩ පටන් ගන්නකන් ඉන්න.පැය 24 ක් ඇතුලත ඔයාලට ඩේටා ලැබෙයි ඔයාගේ බ්ලොග් එකට යන එන අය ගැන.හරියට ට්‍රැකින් උනානම් මේ විදියට පෙන්වාවි.Status:Receiving Data  කියලා.



දැන් ඔයාලට දීලා තියෙන පහසුකම් යොදාගෙන ඔයාලගේ බ්ලොග් එකට එන අය ගැන විස්තර,බලන ලිපි,එන රට,ස’ච් එන්ජින් කී ව’ඩ එක,අදාළ සොස්ල් නෙට්වක් එක..................කලින් කියපු ඒවා එහෙම බලාගන්න පුළුවන්.

බලන්න පුළුවන් විස්තර ටිකක් තමයි පහල තියෙන්නේ උදාහරණ විදියට.සිත්තරි අක්කාගේ බ්ලොග් එකෙන්.... 

මේ තියෙන්නේ සියලුම අය ගැන කෙටි විස්තරයක්.

මේ වෙලාවේ බ්ලොග් එක බලන ගණන ..ඒ අය ඉන්න තැන..බලන ලිපිය..වගේ දේවල් ...දැනට මිනිත්තු කිහිපයකට කලින් හිටිය ගණන..

ඇවිත් ගිය අය ගැන විස්තර රට අනුව.එයාල ලිපියක් කියවපු වෙලාව,කී දෙනෙක් කියෙව්වද,නැවත නැවත කී දෙනෙක් කියෙව්වද,.....ඔය වගේ විස්තර හොයාගන්න පුළුවන්.ටිකක් කල්පනා කරොත් තව වැඩි දෙයක් උනත් හොයාගන්න බැරි නෑ. ;)


සොසල් නෙට්වක් වලින් අපු අය ඔයාගේ බ්ලොග් එකේ සංචාරය කරපු පිලිවල බලන්න පුළුවන්.


මේ විවිද රටාව වලින් ආපු අය ඔයාගේ බ්ලොග් එකේ ඇවිදපු විදිය.
තව විවිද විදියට බලන්න පුළුවන්.


මොන සොසල් නෙට්වක් එකෙන්ද වැඩියෙන් ආවේ කියලා බලන්න පුළුවන්.තව වැඩි විස්තර බලන්නත් පුළුවන්.


ඔයාගේ බ්ලොග් එකට ආපු අලුත්ම විසිටර්ලා..නැවත නැවත එන අය...එන රටවල් අනුව...පේජ් එකක ඉන්න වෙලාව......අනන් මනං ගොඩයි...මන්ද........


බ්ලොග් එක බලන අය එන්නේ මොන බ්‍රවුසර් එකකින්ද,මොබයිල් වලින්ද....ඒ විස්තර තමයි මේ.


මේ වම සයිඩ් එකේ තියෙන මෙනු එකෙන් ඉහත පෙන්නපු විස්තර වගේම තව ගොඩක් විස්තර බලන්න පුළුවන්..සමහර ඒවා බ්ලොග් කරන අයට වැදගත් නෑ.මන්ද....ගොඩක් තියෙනවා.මට තේරෙන්නේ නෑ හරියට...හොයල බලන්න ඕන අය.


හ්ම්ම්...ඇති...මේ පොඩි වැඩක්.මට ලියන්න දෙයක් තියෙන්නත් එපාය.. :v :v
කොහොම උනත් තමන්ගේ අහිංසක සතුට වෙනුවෙන් බ්ලොග් ලියන අයට මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා ලිව්වේ.
සිබර් බීච් පාටියට එන ගමන් කෝච්චියේ දාල තිබ්බ රේඩියෝ එකේ කියපු දෙයක් නිසා තමයි මෙහෙම ලියන්න හිතුනේ.මේ ට්‍රැකින් ඩේටා වල ස්ක්‍රීන් ෂොට් සියල්ල සිත්තරි අක්කගේ බ්ලොග් එකෙන්.


බුදු සරණයි
හමුවෙමු පසුව.


Jan 15, 2014

YouTube Video channel එකම එකපාරටම ඩවුන්ලෝඩ් කරමු...(4K Video Downloader + Patch)


මම වීඩියෝ ලේක්චස් එහෙම ඩවුන් කරන්න හෙන කට්ටක් කනවා.මොකද එක එක වීඩියෝ එකින් එක IDM එකට add කරන්න වෙන නිසා.අනික,හැම වීඩියෝ එකක්ම ලෝඩ් වෙනවා/Buffer වෙනවනේ ටිකක් හරි.එකෙන් වෙන්නේ අපේ ඩේටා නාස්ති වෙන එක.ස්පීඩ් කනෙක්ෂන් එකක් නම් IDM එකෙන් URL එක ඩිටෙක්ට් කරනකොට වීඩියෝ එකෙන් සැහෙන කොටසක් Buffer වෙලා ඩේටා නාස්ති වෙනවා.ඒ වගේ යුටියුබ් චැනල් එක එකපාරටම ඩවුන් කරන්න තියේනම් ගොඩක් ලේසියි නේ.

මේ වීඩියෝ එකෙන් තමයි හොයාගත්තේ.

මේ ඒ වගේ කරන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා එකක් 4K Video Downloader.පොඩි උනාට මේකෙන් ෆ්‍රී චැනල් එකක් ඩවුන් කරන්න බෑ.ලයිසන් කී එකක් ඉල්ලනවා.වීඩියෝ 25 කට අඩු කතාවක් කිව්වා වගේ මතකයි.ඒවා වැඩක් නෑ.

මම දැන් කියන්නේ සොෆ්ට්වෙයා එකේ උපරිම ඵල නෙලාගන්න විදිය.($10 ක් විතර තියේනම් අවුලක් නෑ,මේ ක්‍රමය වැඩක් නෑ.)

ඉස්සෙල්ලම ෆ්‍රී සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න.(21.16MB)
(මම හිතන්නේ මගේ බැකප් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක හොඳයි.මොකද,සමහර විට ඔරිජිනල් වෂන් එක වෙනස් උනොත් පැච් එක වැඩ කරනෙකක් නැති වෙයි.කොහොමත් මේ පැච් එක 2.8 වෂන් එකට වැඩ කරන්නේ නම් නෑ.)



දැන් සොෆ්ට්වෙයා එකෙන් එක්සිට් වෙලා මේ පැච් එක දාන්න.(1.44MB)

හරියට පැච් කරානම්,Activate කියන අයිකන් එක නැති වෙලා චැනල් URL එකක් පේස්ට් කරාම මේ විදියට වෙන්න ඕන.

 හරියට පැච් එක උනාම.

ලිමිටඩ් වෂන් එකේ තියෙන Activate icon එක.



මේක වැදගත් වෙයි කියල හිතුනා.ඒකයි ලිව්වේ.
බුදු සරණයි.

Oct 6, 2013

Logic Gates/තර්ක ද්වාර


Logic Gates වලින් යම් තර්කානුකුල ක්‍රියාවක් සිදුකරගත හැකිය.
තර්ක ද්වාරයකට Input එකක් හෝ වැඩි ගණනක් තිබිය හැකිමුත්,Output ඇත්තේ එකකි.
සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්කන අවස්ථා 2කි.එනම් “1”සහ “0”යන අවස්ථාවන්ය.Gate එකක Input හෝ Output මේ අවස්ථා දෙකෙන් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුය.ද්වාරයේ ක්‍රියාකාරිත්වය අනුව Input මත පමණක් රඳාපවතින Output එකක් ලැබෙයි.
තර්ක පරිපථ වල ක්‍රියාකාරිත්වය දැක්වීමට Boolean algebra නම් සුවිශේෂී ගණිත ක්‍රමයක් ඇත.ඒ අනුව විවිධ ද්වාර වල ක්‍රියාකාරිත්වය ගනිතානුකුලව නිරුපනය කල හැකිය.

AND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
මෙම ද්වාරයේ ක්‍රියාකාරිත්වය පහත සරල පරිපතයෙන් ආදර්ශනය කර දැක්විය හැකිය.

මෙහිදී ස්විච් දෙකම On වුන විට පමණක් බල්බය දැල්වෙයි.එකක් හෝ Off නම් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A.B

OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.


මෙහිදී ස්විච් දෙකෙන් එකක් හෝ  On වුන විට බල්බය දැල්වෙයි.දෙකම  On වුවද බල්බය දැල්වේ.සුවිච දෙකම Off නම් පමණක් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති OR Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A+B

NOT  Gate
මෙම ද්වාරයට Input 1ක් පමණක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකේ විරුද්ධ(Compliment) තර්කන අවස්තාව Output ලෙස ලබාදීමය.
NOT Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)


බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A’
ඉහත දැක්වෙන මුලික තර්ක ද්වාර එකතුකර තවත් තර්ක ද්වාර කීපයක් සාදා ඇත.

NAND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.





සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A.B)’
NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.


සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A+B)’

Universal Gates
ඉහත විස්තර කරන ලද NAND සහ NOR ද්වාරයන් දෙක සුවිශේෂී ලක්ෂන්යකින් යුක්තය.එනම් මෙම Gate දෙක මගින් පෙර සඳහන් කරනලද NAD,OR,NOT සහ පසුව සඳහන් කරන Ex-OR සහ Ex-NOR යන සියලුම ද්වාර වෙන වෙනම NAND සහ NOR ද්වාර යොදා නිර්මාණය කළ හැකි වීමය.

NANDàNOT


NANDàAND



NANDàOR





NANDàNOR


NANDàEx-OR






NANDàEx-NOR


NORàNOT


NORàOR

NORàAND



NORàEx-OR

  
NORàEx-NOR


Ex-OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 0 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 1 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.



සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=AB
Ex-NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 1 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 0 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.

සත්‍යතා වගුව(Truth Table)
බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.

F=(AB)’

බුදු සරණයි.පසුව හමුවෙමු.