Apr 7, 2013

අලුත් අවුරුද්ද...එදා සහ අද...




ඔන්න ඉතින් අවුරුදු ළඟ ලඟම.අව්රුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කියල කිව්වට දැන් කොහෙද එරබදු...හ්ම්ම්...ඔය ඉතින් සංවර්ධනයේ ආශ්චර්යය තමයි.ගහකොළ කපලා.සත්ත්තු මරලා.
යාලුවෙක් මුනුපොතේ හොඳ දෙයක් ලියල තිබුනා අවුරුද්ද ගැන.
මටනම් මතක නැ එ යාලුවා කියපු විදියේ අවුරුද්දක්.මම ඉපදුනේ ඉතින් මෙ මහා කලියුග කාලේ ..එ යාලුවට පස්සේ.
යාලුවා කියනවා ඉස්සර අවුරුදු කාලය ගැන.හැම මනුස්සයෙක්ගේම මුණු වල නිර්ව්‍යාජ සිනහව,පොඩි අය සතුටින් දුවනවා,ගෙදර කැවුම් කොකිස් හදනවා,කොල්ලෝ ඇවිත් හොරෙන්ම කනවා..හි හි.....කොච්චර ලස්සනද.....ටිකක් හිතල බලන්න යාලුවනේ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්..........
ඒත් අද...
කොහෙද කාගේද කාගේ මුනකද ලස්සන හිනාවක් තියෙන්නේ.....හිනා වෙනවා මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන....දැන් පොඩි අය දුවනවද ...සෙල්ලම් කරනවද අවුරුදු කාලෙට..ඔන්චිලාවක් දකින්නේ ටි.වී.එකේ අවුරුදු උත්සවේදී...කලාතුරකින් ගමක අවුරුදු උත්සවයක ඔන්චිලාවක් තියෙනවා...අද පොඩි අය මොකද කරන්නේ ... අවුරුද්දට නිවාඩු..කට්ටියම ඉන්නවා..අවුරුදු 14,15 ට අඩු අය ගෙදර තියෙන කම්පුටර් එකක් අල්ලගෙන....ටිකක් මොරච්ච වුන් අම්මට තාත්තට හොරෙන් යනවා බොන්න..
හැම මනුස්සයෙක්ම තමන්ට තියෙන රාජකාරි වලට හිරවෙලා..සමහරු දවසකට දෙකකට අම්ම තත්තා බලන්න ගමේ එනවා..සමහරු ඒත් නැ..
බලන්න යාලුවේ ... කොච්චර වෙනසක්ද... වෙනස හොඳයිද?කොහෙත්ම නැ යාලුවේ

මොකක්ද මෙ නරක වෙනසට හේතුව?
මිනිස්සුන්ගේම ඉවරයක් නැති තණ්හාව...සල්ලි හොයන්නම මිනිස්සු ලොල් වෙලා...ලොල් කරලා...
මිනිස්සුත් හොඳටම දන්නවා තමන් කරන්නේ තමන්ට අකමැති දෙයක් කියලා...අකමැති වුනත් කොහොමද නොකර ඉන්නේ...
මෙ මිනිස්සුන්ට බලෙන් පටවලා තියෙන දේවල්.සමහරු බලෙන් පටවලද මොනවද කියල දන්නේ නැ.ඔහේ හැල්මේ දුවනවා.තමන් දුවන්නේ මිරිඟුවක් පස්සේ කියල එයාලට තේරේවි කල් ගිහින්.
බලන්න යාලුවේ...අද කඳු සමතලා කරගෙන අධිවේගී මාර්ග,කඳු හාරලා උමන් හදලා මහා ජල යෝජනා ක්‍රම,භූගත විදුලි බලාගාර..ගස් කපල..සත්තු මරල ගුවන් තොටුපළවල්..
මේවා අපිට ඕන තමයි.ඒත් මේවා කරනකොට වෙන විනාසය ගැන බළධාරීන්ට හිතන්න බැරිද?සමහර ඒවා නම් හිතෙන්නේ නැ...සමහර ඒවා හිතුනත් ඒවා නොසලකාහරින්න කරුණු තියෙනවා....සමහර ඒවා හිතිල ක්‍රියාත්මක කරනවා...

වැඩක් නැ යාලුවේ තවත් ලියලා.ඕව ඔහොම තමයි කියලා යන එක හොඳයි.ඇත්ත තේරුම් අරගෙන තමන් හැදෙන්න.පුළුවන් නම් වෙන කෙනෙක් හදන්න බලන්න.

අවුරුද්ද වෙනස් වෙලා.ඒත්,අවුරුද්ද කියන සංකල්පය අපිව තවමත් යම් තරමකට අලුත් කරනවා.තමන්ගේ ඉලක්කයට යන්න ඕනනේ ඉතින් මෙ සමාජේ.ඉතින් අපිට මෙ අලුත් වීම අලුත් පණක් ලබලාදෙවී.හරියට මම දැන් මේක ලියලා ඉවර වෙලා ඇත දෙක දෙපැත්තට දාලා හොඳ හුස්මක් ගන්නවා වගේ.
එක තමයි දැන් තියෙන අවුරුද්දට අනුව ඔයා ගන්න ඕන අදහස.තමාගේ සිතටම.
කොහොම වුනත් සතුටුවෙන්න මෙ අලුත් අවුරුද්දේ.සතුටු වෙන්න හරියට.
කොහොම වුනත් ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.

6 comments:

  1. අතීතය ගොඩගන්න පුළුවන්නම් ලොකු දෙයක්... ඒත් ඒ අතීතය වැලලුණු තැන සලකුණක්වත් නෑ දැන්

    ReplyDelete
  2. ටෙස්ට් ක‘මෙන්ටින් නම්බ ටූ....
    කෝ බොල මම කලින් දාපු එක

    ReplyDelete
  3. හු හු දැන් පහලට ඇවිත් ... :P
    DISQUS වල ට්‍රැෆික් වැඩියි.ඒකයි පරක්කු කියල දැන් පැහැදිලියි නේ...

    ReplyDelete
  4. හු හු දැන් පහලට ඇවිත් ... :P
    DISQUS වල ට්‍රැෆික් වැඩියි.ඒකයි පරක්කු කියල දැන් පැහැදිලියි නේ.....

    ReplyDelete