Oct 6, 2013

Logic Gates/තර්ක ද්වාර


Logic Gates වලින් යම් තර්කානුකුල ක්‍රියාවක් සිදුකරගත හැකිය.
තර්ක ද්වාරයකට Input එකක් හෝ වැඩි ගණනක් තිබිය හැකිමුත්,Output ඇත්තේ එකකි.
සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්කන අවස්ථා 2කි.එනම් “1”සහ “0”යන අවස්ථාවන්ය.Gate එකක Input හෝ Output මේ අවස්ථා දෙකෙන් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුය.ද්වාරයේ ක්‍රියාකාරිත්වය අනුව Input මත පමණක් රඳාපවතින Output එකක් ලැබෙයි.
තර්ක පරිපථ වල ක්‍රියාකාරිත්වය දැක්වීමට Boolean algebra නම් සුවිශේෂී ගණිත ක්‍රමයක් ඇත.ඒ අනුව විවිධ ද්වාර වල ක්‍රියාකාරිත්වය ගනිතානුකුලව නිරුපනය කල හැකිය.

AND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
මෙම ද්වාරයේ ක්‍රියාකාරිත්වය පහත සරල පරිපතයෙන් ආදර්ශනය කර දැක්විය හැකිය.

මෙහිදී ස්විච් දෙකම On වුන විට පමණක් බල්බය දැල්වෙයි.එකක් හෝ Off නම් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A.B

OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.


මෙහිදී ස්විච් දෙකෙන් එකක් හෝ  On වුන විට බල්බය දැල්වෙයි.දෙකම  On වුවද බල්බය දැල්වේ.සුවිච දෙකම Off නම් පමණක් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති OR Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A+B

NOT  Gate
මෙම ද්වාරයට Input 1ක් පමණක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකේ විරුද්ධ(Compliment) තර්කන අවස්තාව Output ලෙස ලබාදීමය.
NOT Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)


බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A’
ඉහත දැක්වෙන මුලික තර්ක ද්වාර එකතුකර තවත් තර්ක ද්වාර කීපයක් සාදා ඇත.

NAND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.





සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A.B)’
NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.


සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A+B)’

Universal Gates
ඉහත විස්තර කරන ලද NAND සහ NOR ද්වාරයන් දෙක සුවිශේෂී ලක්ෂන්යකින් යුක්තය.එනම් මෙම Gate දෙක මගින් පෙර සඳහන් කරනලද NAD,OR,NOT සහ පසුව සඳහන් කරන Ex-OR සහ Ex-NOR යන සියලුම ද්වාර වෙන වෙනම NAND සහ NOR ද්වාර යොදා නිර්මාණය කළ හැකි වීමය.

NANDàNOT


NANDàAND



NANDàOR





NANDàNOR


NANDàEx-OR






NANDàEx-NOR


NORàNOT


NORàOR

NORàAND



NORàEx-OR

  
NORàEx-NOR


Ex-OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 0 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 1 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.



සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=AB
Ex-NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 1 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 0 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.

සත්‍යතා වගුව(Truth Table)
බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.

F=(AB)’

බුදු සරණයි.පසුව හමුවෙමු.

Sep 17, 2013

පෙන් එකේ හිඩ්න් වෙච්ච ඒවා හදාගන්න

රසික කියල මල වදකාර එකෙක් ඉන්නවා අපේ ටෙක් එකේ..ඌ අද මට උගේ පෙන් ඩ්‍රයිව් එක දීල කියනවා මේකේ හිඩ්න් වෙච්ච හදල දියන් කියල.
වදකාර වයිරස් එකක් තියෙනවා තියෙන ෆයිල්,ෆෝල්ඩර් හිඩ්න් කරලා ෂොට් කට් එකක් හදනවා ඒ වයිරස් එකේ පාත් එකට.
ඉතින් ඔරිජිනල් ෆයිල් එක වගේ පේන ෂොට් කට් එක රන් කරලා වයිරස් එක රන් කරව ගන්නවා.
මේක ඇවෙස්ට් වගේ වයිරස් ගාඩ් වලට අහුවෙනවා.එත් හිඩ්න් වෙච්ච් ෆයිල් ආපහු ෂෝ වෙන්නේ නෑ.
අපි මැනුවල් හිඩ්න් යන් කරන්න ඕන.සිස්ටම් ෆයිල් විදියට හිඩ්න් කරන නිසා රයිට් ක්ලික් කරලා ප්රෝපටිස් වලින් බෑ.දොස් ප්‍රොම්ප්ට් එකෙන් කමාන්ඩ් දීල කරන්න ඕන.
මෙහෙම,
attrib <FileName> -r -h
ඔය විදියට හැම ෆයිල් එකටම කරන්න ගියාම ............................$%%%%$^

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් පුළුවන් ඔක්කොම හිඩ්න් වෙච්ච එකපාර ෂෝ වෙන්න හදන්න.

මේ සොෆ්ට්වෙයා එක පෙන් එකට කොපි කරලා රන් කරන්න.එච්චරයි.
මතක ඇතුව පෙන් එකේ ෆෝල්ඩර් වලට කොපි කරන්න එපා.එහෙම උනොත් ඒ ෆෝල්ඩරේ විතරක් තියෙන ඒවා ෂෝ වෙයි.
මෙන්න සොෆ්ට්වෙයා කෑල්ල...

මෙන්න සෝස් කෝඩ්..ලොල්..ඇති මගුලක් නෑ..ඕන අය බලාගන්න.

ප.ලි.
මේ කරන එක ඔක්කොම කමාන්ඩ් එකෙන් කරන්නත් පුළුවන් නොවෑ...මම දැන් දන්නේ..Thanks Chamith ට..මේ කොමාන්ඩ් එක හරි..
attrib -h -s -a /s /d
අවුලක් නෑ නේ..ඔන්න ඔය වී බි වලින් ෆයිල් ෆෝල්ඩර් ලිස්ට් එකක් ගන්න හැටි දන ගත්ත නොවෑ..හි හි .. PS


Sep 15, 2013

වෝල්ටීයතා බෙදුම/Voltage Divider


මේ ලිපිය PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න..
මෙහිදී මම පැහැදිලිකරන්නේ ප්‍රතිරෝධක වල එක සරල යෙදුමක් ගැන.වෝල්ටීයතා බෙදුම/Voltage Divider කියල තමයි මේකට කියන්නේ.බොහොම සරලයි.යොදාගැනීම අනුව තමයි සංකීර්ණ නව නිපැයුමක් බිහිවෙන්නේ.විභව බෙදුම භාවිතා වන ප්‍රායෝගික තැන්...
හොඳයි,වෝල්ටීයතා බෙදුම කුමකටද?සරලවම කිව්වොත් අපි ළඟ තියෙන පරිපතයකට අපි දෙන්නේ එක සැපයුම් වෝල්ටීයතාවයක්(Vss).6V,12V .... ආදී ලෙස.අපි දෙන මේ එක වොල්ටියතාවකින් සරිපතයේ විවිධ කොටස් ක්‍රියාකරවන්න ඕන,අපි සාමාන්‍ය LED එකක් ක්‍රියාකරවන්න 3V විතර වෝල්ටීයතාවක් දෙන්න ඕන.සමහර IC වලට 3.3V හෝ 5V ආදී ලෙස වෝල්ටීයතාවක් දෙන්න ඕන.මේ සියලුම විවිධ වූ වෝල්ටීයතා අපි දෙන එකම සැපයුම් වොල්ටියතාවයෙන්(Vss) නිර්මාණය කරන්න ඕන.මේ ගැටලුවට තියෙන සරලම විසඳුමක් තමයි ප්‍රතිරෝධක වෝල්ටීයතා බෙදුම.
සරල උදාහරණයකින් කියන්නම්.



මේ පරිපතයෙන් රෙසිස්ටර් 4ක වෝල්ටීයතා බෙදුමක් දක්වල තියෙනවා.R1=2Ω,R2=6Ω,R3=12Ω,R4=4Ω වෙනවා.බලන්න මේ සටහනේ A,B,C,D,E කියන සන්ධි.බැටරිය 12V එකක්.මිලි අමිටරයක් දාල තියෙනවා.වම පැත්තේ ඉඳල තියෙන වොල්ට්මිටර් 4 ක පිළිවලින් A,B,C,D සන්ධි වල වෝල්ටීයතාවය E සන්ධිය හෙවත් බැටරියේ (-) ට සාපේක්ෂව පෙන්වනවා.වමපස සිට පළවෙනි වොල්ට්මිටරය කෙලින්ම සම්බන්ධවෙලා තියෙන්නේ බැටරියට සමාන්තරගතව(Parallel).ඒ නිසා ඒ මීටරයේ පෙන්වන්නේ බැටරියේ වෝල්ටීයතාවය.VAE=12V(E ට සාපේක්ෂව A හි වෝල්ටීයතාවය= VAE)දැන් B වල බලමු.ඒ කියන්නේ VBE..කොහොමද එතන 11V වුනේ?ඔන්න ඔතන තමයි වෝල්ටීයතා බෙදුම ක්‍රියාත්මක වෙන්නේ.බලමු 11V වෙන විදිය..ප්‍රතිරෝධකයක් තුලින් ධාරාවක් ගලනකොට ඒ ගලන ධාරාවට භාධකයක් ඇති කරන එක තමයි ප්‍රතිරෝධකයකින් කරන්නේ.මේ නිසා ප්‍රතිරෝධකය දෙපස විභාවන්තරයක් ඇති වෙනවා.මේ කියන දේ සරලවම ඕම නියමය මගීන් පෙන්නනවා.V=IR,...මේ පරිපථයේ I=500mA ගලනවා.තව R වලට අගයකුත් තියෙනවා.ඒ නිසා R අතර V කියන වෝල්ටීයතාවය ඇති වෙනවා.හරි ඉතින් කොහොමද B වල 11V උනේ?ඒ කියන්නේ VBE=11V උනේ කොහොමද?සරලයි...V=IR=0.5A*(4+12+6)Ω=11V4+12+6  කියල ගත්තේ අපිට වෝල්ටීයතාවය හොයන්න ඕන කරන සන්ධි දෙක අතර සමක ප්‍රතිරෝධය..මතක විදියට සමක ප්‍රතිරෝධය ගැන කියල නෑ කලින්.මහා දෙයක් නෑ සමක ප්‍රතිරෝධය කියන්නේ විවිධ ප්‍රතිරෝධ කිහිපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි අගය සහිත ප්‍රතිරෝධකය.අපි B-E වල වෝල්ටීයතාවය හොයද්දි අපිට ඕන B-E අතර සමක අගය.මේ සමක අගය හැදිලා තියෙන්නේ ප්‍රතිරෝධක 3ක්(R2,R3,R4) එකතු වෙලා.ඒවා එකතුවෙලා තියෙන විදිය වැදගත්.මේකෙදි නම් ඒ ප්‍රතිරෝධක තුන හරහාම යන්නේ එකම(එකම කියන්නේ අගය සමානයි කියන එක නෙමෙයි.තනි අගයක් කියන එක.මේ පරිපථයේ 500mA) ධාරාවක්.ඒ නිසා මේ ප්‍රතිරෝධක තුනම එකිනෙක ශ්‍රේණිගතයි.( Serial).ශ්‍රේණිගත,සමාන්තරගත,ප්‍රතිරෝධක සමකය ගැන පැහැදිලි වෙන්නත් එක්කම තව උදාහරණයක් බලමු.



දැන් මේ පරිපථය ගැන හිතන්න...මේකෙත් A,B,C,D,E කියන සන්ධි තියෙනවා.වම්පස වෝල්ට් මිටරයෙන් මැනෙන්නේ ඉස්සෙල්ල්ල එකේ වගේ (-) අග්‍රයට සාපේක්ෂව A වල වෝල්ටීයතාව නෙමෙයි.R1,R2,R3 සමකයේ වෝල්ටීයතාවය.ඒ කියන්නේ A-B අතර සමකය.මේ රෙසිස්ටේර් තුන තුළින් ගලායන්නේ විවිධ වූ ධාරාවන් තුනක්.එකිනෙක සමාන වෙන්නෙත් නෑ.මොකද රෙසිස්ටර් තුනේ අගයන් තුනක් තියෙන නිසා.හරි දැන් මේ රෙසිස්ටර් තුන තුළින් වෙනස් ධාරාවන් තුනක් ගලායන නිසා මේ රෙසිස්ටර් තුන සමාන්තරගත රෙසිස්ටර් තුනක්.එහෙම වෙලාවට සමකය ගන්න නම්,ප්‍රතිරෝධක තුනේ අගයන්ගේ පරස්පර වල එකතුව අරගෙන එහි පරස්පරය ගන්න ඕන.මේ විදියට ගණිතමය ප්‍රකාශනයක් දෙන්න පුළුවන්.1/R=1/R1+1/R2+1/R3.............+1/Rnමේ R කියන්නේ සමක ප්‍රතිරෝධාකයේ අගය.දැන් මේ ප්‍රකාශනයට ආදේශ කරලා සමක අගය හයන්න පුළුවන්.1/R=1/10+1/30+1/50àR=6.5217Ωමේ හෙව්වේ RAB,තව එකක් හොයමු. RBCමෙහිදී,ඉස්සෙල්ලම R5 සහ R9 ශ්‍රේණිගත වෙලා ,පසුව R4 ට සමාන්තරගත වෙලා තියෙනවා කියල දකින්න.එහෙනම් ඉස්සෙල්ලම R5,R9 සමකය හොයමු..මහා දෙයක්ද ඒක ශ්‍රේනිගතයි නේ..දෙකේ එකතුවෙන් සමකය ලැබෙනවා.සමකය=30Ωදැන් මේ සමකය R4 ට සමාන්තරගත වෙලා.එහෙනම් සම්පුර්ණ සමකය, RBC1/ RBC=1/30+1/10-àR=7.5ΩCD අතර සමකයක් කියල හොයන්න ඕන නෑ නේ..DE අතර බලන්න.සමාන ප්‍රට්ඨිරෝධක දෙකක් සමාන්තරගතව තියෙනවා.මේකත් කලින් විදියට හොයන්න පුළුවන්.කිසිම ප්‍රශ්නයක් නෑ.එත් මේ වගේ වෙලාවල් වලට සරලව හොයන්න ක්‍රමයක් තියෙනවා.ඒ තමයි,සමක අගය=එක ප්‍රතිරෝධයක අගය/ප්‍රතිරෝධක ගණන කියන ප්‍රකාශනය මගින්.මෙහිදී,RDE=10/2=5Ωදැන් කොටස් වශයෙන් සමක කීපයක් හොයල තියෙනවා..ඉතින් පුළුවන් මුළු සමක අගය හොයන්න.ඒ කිව්වේ RAE...ඉහත හෙව්ව සමක සියල්ලම එකිනෙක ශේනිගතව එකතුවෙන බව දකින්න.ඒ නිසා,RAE= RAB+RBC+RCD+ RDE=6.5217+7.5+50+5=69.0217Ωදැන් ගලන ධාරාව හොයන්න පුළුවන්,I=V/R=100/69.0217=1.4488Aදැන් ඕන තැනක වෝල්ටීයතාවය හොයන්න පුළුවන්...VAB=I*RAB=1.4488*6.5217=9.4486VM2 වලින් මැනෙන්නේ VBE,M3 වලින් VCD,M4 වලින් VDE...හොයල බලන්න.පලවෙනි උදාහරණයේ තියෙන අනිත් අගයනුත් ගණනය කරන්න.


මම නැවත විභව බෙදුම ගැන කියන්නම්.මේක Voltage Deviding Rule කියල බොහෝ යෙදීම් වලට භාවිතා කරනවා.


අපිට මේ විබව බෙදුම් ක්‍රමය මේ විදියට ප්‍රකාශන මගින් දක්වන්න පුළුවන්.

VR1=V/(R1+R2)*R1

VR2=V/(R1+R2)*R2

VR1=R1 අතර වෝල්ටීයතාවය,VR2=R2 අතර වෝල්ටීයතාවය,V=විබව බෙදුමට සපයන වෝල්ටීයතාවය.


විභව බෙදුමේ න්‍යය කොටස් මෙහෙම වුනත්,මේක ප්‍රායෝගිකව භාවිතා කිරීම ගණන් හදනවා වගේ ලේසි නෑ.දැන් ඔබ හිතාවි මගේ ළඟ තියෙන 12V බැටරියට මේ විදියට විභව බෙදුමක් දාල 3V,6V..ගන්න පුළුවන් නේ කියල.ඒත්,එහෙම ගන්න පුළුවන් වෝල්ට් මිටරෙකට විතරයි..හේතුව මොකද කියනවනම්,වෝල්ට් මීටරයක් කියන්නේ අධික අභ්‍යන්තර ප්‍රතිරෝදයක් තියෙන උපකරණයක්.ඒ වගේ එකක් ගන්නේ අඩු ධාරාවක්.අඩු ධාරාවක් ලබාගන්න උපකරණ වලට නේ විදියට කරලා ගත්තට ප්‍රශ්නයක් නෑ.එහෙම අඩු ධාරාවක් නොවන උපකරණයක් සවිකරනවානම්,ඒ උපකරණය සහ විභව බෙදුමේ අදාළ ප්‍රතිරෝධකය එකිනෙක ශ්‍රේණිගත වෙනවා කියල ඔයාලට වැටහෙනවා ඇති.එහෙම නම් අපි ගාන හදල බලන්න ඕන ඒ සමක ප්‍රතිරෝධයට.කොහොම උනත් අපිට සාමාන්‍ය ප්‍රතිරෝධකයක් හරහා ලබාගන්න පුළුවන් වෙන්නේ සීමිත ධාරාවක්.එනිසා මේ ක්‍රමය කවදාවත් සැපයුම් පරිපථ(Supply cct) සඳහා උචිත වෙන්නේ නෑ.ඒත්,සැපයුම් පරිපථ .. ඒ කිව්වේ Voltage regulator වගේ ඒවායේ මේ විදියට මේ ක්‍රමය යොදාගෙන තියෙනවා.එත් මේ විදියට කෙලින්ම නෙමේ..තව අමතර කෑලි යොදාගෙන..ට්‍රාන්සිස්ටර් එකකට අපිට මේ ගන්න පුළුවන් අඩු ධාරාව වැඩි කරගන්න පුළුවන්.නැත්නම් ඒ සඳහා යොදාගන්න පුළුවන් IC වර්ග තියෙනවා.(උදා:LM317,LM7805).


මේ සරල වර්ධක පරිපථයේ R1 සහ R2 මගින් ට්‍රාන්සිස්ටරය අවශ්‍ය ක්‍රියාකාරී අවස්ථාවට පත් කිරීමට අවශ්‍ය IB කියන කුඩා ධාරාව ලබාදෙයි.




මෙය සරල අඳුරට සංවේදී පරිපතයකි.මෙහි විභව බෙදුම් කීපයක්ම ඇත.R1,R2 බෙදුම,R6,R7 බෙදුම,R3,R4 බෙදුම දැක්විය හැකිය.



මේ LM317 පරිපථයේ අපට ලබාගැනීමට  අවැසි වෝල්ටීයතාවය තීරණය කරන්නේ P1 විචල්‍ය ප්‍රතිරෝධකය සහ R2 යන විබව බෙදුමයි.විභව බෙදුමේ වෝල්ටීයතාවය Adj අග්‍රය මගින් සංවේදනය කර අනුරූප ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබාදෙයි.මේ අයුරින් විභව බෙදුම් සංකල්පය භාවිතා වන ස්ථාන බොහෝය.අධ්‍යනය කර සොයාගන්න.


මෙහි නොතේරෙන තැන් ගැන පසුව වැටහේවි.එක දවසෙන් රජ වෙන්න බෑ.

බුදු සරණයි.