Showing posts with label ඉලෙක්ට්‍රොනික්ස්. Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රොනික්ස්. Show all posts

Jan 25, 2017

පරණ ලැප්ටොප් වෙබ් කැම් එකක් USB කැම් එකක් ලෙස භාවිතය.(HF5711-01-A-B10 / CN0314-0v01-A3)


මේක බොහොම සිම්පල් වැඩක්..ඒත් කරන්න අවශ්‍ය විදිය හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්..ඒ නිසා මේක සිම්පල් වැඩක් කිව්වත් ටිකක් අමාරු වැඩක්.. :p

මෙහෙමයි සීන් එක...අපේ ගෙවල් හරියේ ඉන්නවා නටරාජා කියල පොරක්...නම නම් නටරාජද කියල මම හරියට දන්නේ නෑ..මට නම් නටරාජා කිව්වම මතක් වෙන්නේ අපි 6,7 වසර වලදී තිබුන නටරාජා කවකටු පෙට්ටිය. ඒක යකඩ පෙට්ටියක්. මේ නටරාජත් එකතු කරන්නේ පරණ යකඩ.යකඩ කිව්වට ඕනෑම කුණු ගොඩක් මේ මිනිහ සල්ලි කරගන්නවා. නෝමල් යකඩ එකතු කරන කෙනෙක් නෙමේ..කට්ටිය යකඩ එකතු කරන් ඇවිත් ගොඩ ගහල තියෙන තැනක්.

මෙතන තියෙනවා නියම යකඩ කෑලි..ලැප්ටොප්..කම්පුටර්..ප්‍රින්ටර්..ෆොටෝ කොපි මැෂින්..මයික්‍රෝවේව්...අනන් මනං මහා ගොඩක්..
සාමාන්‍යයෙන් නිවාඩුවක් ආවම නටරාජා බලන්න යන එක මගේ පුරුද්දක්..මගේ සහෝදර මල්ලි සඳුන් එක්ක වැඩක් නැති උනත් එතනට ගිහිං ප්‍රින්ටර් එකක් පොටෝ කොපි මැෂින් එකක් මස් කරන එක නියම විනෝදාංශයක්.

ලඟදි ලැප්ටොප් එකක් තියෙනවා දැක්ක..නිකමට වගේ හිතුනා මේ කැම් එක serial ඉන්ටර්ෆේස් කරන්න ඇහැක් නම්, Arduino එකකින් මොකක් හරි සෙල්ලමක් කරන්න ඇහැක් වෙයි කියල.. :p 
ඉතිං සඳුන් එක්ක එකතුවෙලා කැම් එක ගලෝගෙන, ලැප් ඒකත් මස් කරලා ආව..

ඇවිත් කැම් එකේ මොඩෙල් නම් එක ගුගල් කරලා බලද්දී එක සිරියල් නම් ඉන්ටර්ෆේස් කරන්න බැරි බව තේරුනා...හැබැයි සිම්පල්ම විදියට USB කනෙක්ට් කරන්න පුළුවන්...

මේ තියෙන්නේ CN0314-0v01-A3 කියන මොඩෙල් නම්බර් එක තියෙන කැම් එක කෙලින්ම USB සෙට් කරන විදිය.


මේ කියල තියෙන විදියට කරන්න...වින්ඩෝස් 10 වින්ඩෝස් 7 දෙකේදීම නිකන්ම වැඩ කරනවා...කිසි ගින්නක් නෑ..

කෙලින්ම 5V නම් දෙන්න එපා..මේ කේ කියල තියෙන විදියට ඩයෝඩ් දෙකක් දාලා අඩු කරලා දෙන්න..නැත්නම් APL1117-3.3v රේගියුලේටර් එක හරි වෙන ක්‍රමයකින් හරි 3.3V දෙන්න..

D+ , D- මාරු වුනාට නම් කෙස් එකක් නෑ. ඒ කිව්වේ කැම් එකට හානියක් නම් වෙන්නේ නෑ...මොකද මේක මම කියපු විදියට කරේ සඳුන් මල්ලි..එයා D+ D- මාරු කරලා තමයි තිබුනේ...අද ඒ පැත්තේ ගියාම බැලුව අවුල..කිසිම අවුලක් නෑ..කරන්න වෙන දේකුත් නැති නිසා D+ D- මාරු කරා...ඔන්න එතකොට අපුරුවට වැඩ.. J

සඳුන් ඊට පස්සේ දවසකත් කුණු ගොඩ අවුස්සලා තව කැම් එකක් අරන් ඇවිත් තිබුනා.. HF5711-01-A-B10 තමයි මොඩෙල් නම්බර් එක... හෙව්වට කලින් වගේ ලින්ක් එකක් නම් හම්බුනේ නෑ කරන විදිය ගැන...
මෙන්න මේ ප්ෆොටෝ එක නම් හම්බුනා..

මේ සයිට් එකෙන්

මේකෙ නම් පින් කීපයක් නම් කරලා තියෙනවා...ඒත් ඉතිං චීන බාසාවෙන්.. මේක ගුගල් ට්‍රාන්ස්ලේටර් වලින් ට්‍රාන්ස්ලේට් කරන්නත් ටයිප් කරන්න වෙනවා..ට්‍රයි කරා ටයිප් කරන්න..ඒත් එක විකාර වැඩක්..එක අකුරක් හොයාගෙන අනිත් අකුර ටයිප් කරද්දී පලවෙනි අකුර වෙනස් වෙලා..ඒ මම හිතන්නේ ඒ සිස්ටම් එකේ හැටි..එහෙම හරි යන්නේ නෑ..අකුරු හොය හොයා ඕක ටයිප් කරන්නම පැය ගානක් යාවි.. ඉතිං, මෙන්න මේ ටික විතරක්,


 crop කරලා අරන් මේ චයිනීස් OCR එකකට දාල බැලුවා..


කරුමේ කියන්නේ මේ පොස්ට් එක ලියනකොට මම අයෙමත් OCR එකට දැම්මහම එන්නේ මෙහෙම විකාරයක් :/ ... මක්ක වෙලාද මන්ද OCR එකට..මයේ හිතේ ඌ හදල ඇත්තේ AI වගේ ටෙක්නොල්ජියක් දාල... අනේ මන්ද :/

戛撇极
血麒lj 正正
P

电宿
ඕක ගුගල් ට්‍රාන්ස්ලේටර් දැම්මම එන්නේ මෙහෙම...අදහසක් ගන්න නම් බෑ..  :/ 


කලින් නම් ආවේ ඔහොම නෙමේ...එකේ මුල් පේලි දෙක ලස්සනටම තිබ්බා power negative, signal negative කියල...ඒ අනුව මම උපකල්පනය කරා අනිත් වයර් දෙක..මෙහෙමයි නියමම විදිය..


පහල තියෙන ෆොටෝ එකේ සුදු සහ කහ වෙන වෙනම තියෙන්නේ.. ඒ නිසා සුද පාට Power- නම් කහ පාට Power+ වෙන්න පුළුවන්..නිල් පාට ඒකයි කොළ පාට එකයි twisted pair ඒ නිසා සිග්නල්...නිල් පාට එක D- නිසා කොළ පාට D+ ... අනිත් ට්විස්ටඩ් පෙයාර්ස් දෙක මයික් දෙකේ සිග්නල්..



මේකත් කලින් එක වගේම 3.3V වලින් තමයි...ඩයෝඩ් දෙකක් හරි වෙන විදියකට හරි සප්ලයි දෙන්න ඕන.


මේ විදියට කනෙක්ට් කරාම මේකත් වින්ඩෝස් 10 වල සුපිරියටම වැඩ..මේකෙ නම් කලින් කැම්එක වගේ නෑ.. VGA එකක්.. වින්ඩෝස් 7 වලට නම් ඩ්‍රයිවර්ස් දාන්න වෙයි.


වැඩ කරනවානම් LED එක පත්තු වෙනවා මෙහෙම .. මේ මොඩෙල් දෙකේම එහෙමයි..

එහෙනං ඉතිං කෑලි ගලවන පරණ ලැප් එකක් හම්බුනොත් මේ විදියට කරලා බලන්න...හැම එකකම වගේ USB support ඇති මම හිතන්නේ...

PS

ට්‍රආන්ස්ලේටර් වල අකුරු ඇඳලා බලන්නත් පුළුවන්...හැම එකම ඇන්දට හරි අකුරම එන්නේ නෑ වගේ..මෙහෙම නම් ආව..

මේ ටිකෙනුත්, අර චයිනීස් ටිකේ තේරුම හොයාගන්න පුළුවන්..
අන්තිම පේලිය නම් හරි..3.3V  +
电压  කියන ටිකේ අදහස voltage කියන එක..ඒ නිසා පළමු සහ අවසන් පේලිය voltage වලට කියන්න පුළුවන්.
正 කියන අකුරෙන් දක්වන්නේ positive කියන අදහස.. ඒ නිසා අවසන් පේලියේ අර්ථය voltage positive කියන එක..
එහෙනම් පලවෙනි පේලිය voltage negative කියන එක වෙන්න ඕන.
ඒ වගේම 3 වෙනි පේලියේත් 正 අකුර තියෙනවා ...දැන් voltage pins හොයාගෙන ඉවර නිසා මේ තුන් වෙනි පේලියේ positive කියන්නේ signal positive..ඒ කියන්නේ D+
ඉතිං තව ඉතුරු එකයි...දෙවැනි පේලිය..ඒක D- විය යුතුයි.. 

ජය වේවා හැමෝටම..
බුදු සරණයි..



Oct 6, 2013

Logic Gates/තර්ක ද්වාර


Logic Gates වලින් යම් තර්කානුකුල ක්‍රියාවක් සිදුකරගත හැකිය.
තර්ක ද්වාරයකට Input එකක් හෝ වැඩි ගණනක් තිබිය හැකිමුත්,Output ඇත්තේ එකකි.
සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්කන අවස්ථා 2කි.එනම් “1”සහ “0”යන අවස්ථාවන්ය.Gate එකක Input හෝ Output මේ අවස්ථා දෙකෙන් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුය.ද්වාරයේ ක්‍රියාකාරිත්වය අනුව Input මත පමණක් රඳාපවතින Output එකක් ලැබෙයි.
තර්ක පරිපථ වල ක්‍රියාකාරිත්වය දැක්වීමට Boolean algebra නම් සුවිශේෂී ගණිත ක්‍රමයක් ඇත.ඒ අනුව විවිධ ද්වාර වල ක්‍රියාකාරිත්වය ගනිතානුකුලව නිරුපනය කල හැකිය.

AND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
මෙම ද්වාරයේ ක්‍රියාකාරිත්වය පහත සරල පරිපතයෙන් ආදර්ශනය කර දැක්විය හැකිය.

මෙහිදී ස්විච් දෙකම On වුන විට පමණක් බල්බය දැල්වෙයි.එකක් හෝ Off නම් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A.B

OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.


මෙහිදී ස්විච් දෙකෙන් එකක් හෝ  On වුන විට බල්බය දැල්වෙයි.දෙකම  On වුවද බල්බය දැල්වේ.සුවිච දෙකම Off නම් පමණක් බල්බය නොදැල්වේ.

Input 2ක් ඇති OR Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A+B

NOT  Gate
මෙම ද්වාරයට Input 1ක් පමණක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකේ විරුද්ධ(Compliment) තර්කන අවස්තාව Output ලෙස ලබාදීමය.
NOT Gate එකක් පහත දී ඇත.

සත්‍යතා වගුව(Truth Table)


බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=A’
ඉහත දැක්වෙන මුලික තර්ක ද්වාර එකතුකර තවත් තර්ක ද්වාර කීපයක් සාදා ඇත.

NAND Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 0 වේ නම්,Output එක 1 වීමය.Output එක 0 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 1 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.





සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A.B)’
NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input එකක් හෝ 1 වේ නම්,Output එක 0 වීමය.Output එක 1 වීමට අනිවාර්යයෙන්ම සියලුම Input 0 විය යුතුය.
Input 2ක් ඇති AND Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND හා NOT ද්වාර එකතුවීමෙනි.


සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=(A+B)’

Universal Gates
ඉහත විස්තර කරන ලද NAND සහ NOR ද්වාරයන් දෙක සුවිශේෂී ලක්ෂන්යකින් යුක්තය.එනම් මෙම Gate දෙක මගින් පෙර සඳහන් කරනලද NAD,OR,NOT සහ පසුව සඳහන් කරන Ex-OR සහ Ex-NOR යන සියලුම ද්වාර වෙන වෙනම NAND සහ NOR ද්වාර යොදා නිර්මාණය කළ හැකි වීමය.

NANDàNOT


NANDàAND



NANDàOR





NANDàNOR


NANDàEx-OR






NANDàEx-NOR


NORàNOT


NORàOR

NORàAND



NORàEx-OR

  
NORàEx-NOR


Ex-OR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 0 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 1 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.



සත්‍යතා වගුව(Truth Table)

බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.
F=AB
Ex-NOR Gate
මෙම ද්වාරයට Input 2ක් හෝ වැඩි ගණනක් ඇත.මෙම තර්ක ද්වාරයේ ක්‍රියාකාරිත්වය නම්,Input සමාන තර්කන අවස්ථාවේ ඇති විට පමණක් Output එක 1 වීමය.අසමාන තර්කන අවස්ථා වල පවතින විට Output එක 0 තර්කන අවස්ථාවේ පවතියි.
Input 2ක් ඇති Ex-OR Gate එකක් පහත දී ඇත.

මෙය සැදී ඇත්තේ AND,OR හා NOT ද්වාර එකතුවීමෙනි.

සත්‍යතා වගුව(Truth Table)
බුලියන් වීජ ගණිතමය ප්‍රකාශය.

F=(AB)’

බුදු සරණයි.පසුව හමුවෙමු.