May 25, 2013

අවුරුද්දකට එක පාරක් එන දවස්




අවුරුද්දකට එක පාරක් එන දවස් වලට මිනිස්සු කැමතියි.සමහර විට තමන්ට නිවාඩුවක් ලැබෙනවා,සමහරුන්ට සල්ලි ලැබෙනවා මෙ නිසා විවිධ අය විවිධ විවිධ අයුරින් මෙ දවස් වලට කැමතියි.
වෙසක් කියන්නේ මෙ දවස් වලින් තරමක් විශේෂ දවසක්.මෙ විශේෂත්වයත් සමහරුන්ට විතරයි.කොහොම උනත් විශේෂයක් නැති මනුස්සයෙක්ට උනත් යම් වෙනසක් මෙ දවසට අනිත් දවස් වලට වගේම දැනෙනවා කියල මම හිතනවා.
වෙසක් දවසට පන්සල් යනවා බොහෝ අය.ඒත් එදාටවත් පන්සලේ නියම විදියට කටයුතු වෙනවද?නියම අයුරින් කටයුතු කරනවද?මේක තරමක් ප්‍රශ්නයක්.
සමහර පන්සල් වල බුදු ගේ වල් වැදිලා,නැත්නම් යන්තන මලක් පහනක් තියෙන යන්තන් එලිය වැටුන තැනක්.මිනිස්සුත් නැ.මිනිහෙක් ආපුගමන් මලක් තියල හනිකට දුවනවා දේවාලෙට.පන්සලට එන්නේ දේවාලෙට යන්න.හ්ම්ම්ම්..........
දේවාලේ නම් කැටයන් දාල මල් තියලා ලයිට් දාල.බුදු හාමුදුරුවන්ට යන්තන් පොල්තෙල් පහනක් දෙකක් පත්තුකරලා.
මේවා ඉතින් දෙයියන්ටම තමයි කියන්න ඕන.ඡන්දයක් කාලෙට පන්සලට එන ඊනියා ජන නායකයොත් බොහෝවිට ඉහත කිව්ව විදියම තමා.පන්සලට ඇවිත් ඉන්න කාලෙන් වැඩි කොටසක් දෙයියොත් එක්ක.
මේවට වගකියන්න ඕන කවුද ඉතින් ????..........
කවුද ඉතින්,අපිම තමා...මෙ පෙන්නේ අපේ මෝඩකම....අපි සත්‍යය දන්නේ නැ.මිතයාව කියන කළු දුමක් අස්සේ අපි හිරවෙලා.
දුම් ගොඩකට අහුඋනාම කවුද බන් මෙ දුම පත්තුකළේ?”කියල හොයන්න කලින් අපි ඒ දුම් ගොඩෙන් එලියට එනවා නේද?...එහෙම දුම අස්සේ ඉඳගෙන අපිට පත්තු කරපු එකා තියා දුම එන තැනවත් හරියට හොයාගන්න බෑ.එහෙම දුම අස්සේ ඉඳන් පත්තු කරපු එකා හොයන එක අර පුංචිකාලේ කුඹි කෑවම කුඹි ගොඩේම ඉඳගෙන කහ කහ ඉන්නවා වගේ වැඩක්.(ඒ මමලු හොඳේ.)
ඉතින් ඔය මිත්‍යාව කියන කළු දුමෙන් එලියට එන්න ඕන ඉස්සෙල්ලම.

සත්‍ය දැනගන්න ඉස්සෙල්ලම.ඒවා කල්පනාකරලා අවබෝධ කරගන්න.

0 ප්‍රතිචාර:

Post a Comment