Apr 7, 2013

අලුත් අවුරුද්ද...එදා සහ අද...




ඔන්න ඉතින් අවුරුදු ළඟ ලඟම.අව්රුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කියල කිව්වට දැන් කොහෙද එරබදු...හ්ම්ම්...ඔය ඉතින් සංවර්ධනයේ ආශ්චර්යය තමයි.ගහකොළ කපලා.සත්ත්තු මරලා.
යාලුවෙක් මුනුපොතේ හොඳ දෙයක් ලියල තිබුනා අවුරුද්ද ගැන.
මටනම් මතක නැ එ යාලුවා කියපු විදියේ අවුරුද්දක්.මම ඉපදුනේ ඉතින් මෙ මහා කලියුග කාලේ ..එ යාලුවට පස්සේ.
යාලුවා කියනවා ඉස්සර අවුරුදු කාලය ගැන.හැම මනුස්සයෙක්ගේම මුණු වල නිර්ව්‍යාජ සිනහව,පොඩි අය සතුටින් දුවනවා,ගෙදර කැවුම් කොකිස් හදනවා,කොල්ලෝ ඇවිත් හොරෙන්ම කනවා..හි හි.....කොච්චර ලස්සනද.....ටිකක් හිතල බලන්න යාලුවනේ..
හ්ම්ම්ම්ම්ම්ම්ම්..........
ඒත් අද...
කොහෙද කාගේද කාගේ මුනකද ලස්සන හිනාවක් තියෙන්නේ.....හිනා වෙනවා මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන....දැන් පොඩි අය දුවනවද ...සෙල්ලම් කරනවද අවුරුදු කාලෙට..ඔන්චිලාවක් දකින්නේ ටි.වී.එකේ අවුරුදු උත්සවේදී...කලාතුරකින් ගමක අවුරුදු උත්සවයක ඔන්චිලාවක් තියෙනවා...අද පොඩි අය මොකද කරන්නේ ... අවුරුද්දට නිවාඩු..කට්ටියම ඉන්නවා..අවුරුදු 14,15 ට අඩු අය ගෙදර තියෙන කම්පුටර් එකක් අල්ලගෙන....ටිකක් මොරච්ච වුන් අම්මට තාත්තට හොරෙන් යනවා බොන්න..
හැම මනුස්සයෙක්ම තමන්ට තියෙන රාජකාරි වලට හිරවෙලා..සමහරු දවසකට දෙකකට අම්ම තත්තා බලන්න ගමේ එනවා..සමහරු ඒත් නැ..
බලන්න යාලුවේ ... කොච්චර වෙනසක්ද... වෙනස හොඳයිද?කොහෙත්ම නැ යාලුවේ

මොකක්ද මෙ නරක වෙනසට හේතුව?
මිනිස්සුන්ගේම ඉවරයක් නැති තණ්හාව...සල්ලි හොයන්නම මිනිස්සු ලොල් වෙලා...ලොල් කරලා...
මිනිස්සුත් හොඳටම දන්නවා තමන් කරන්නේ තමන්ට අකමැති දෙයක් කියලා...අකමැති වුනත් කොහොමද නොකර ඉන්නේ...
මෙ මිනිස්සුන්ට බලෙන් පටවලා තියෙන දේවල්.සමහරු බලෙන් පටවලද මොනවද කියල දන්නේ නැ.ඔහේ හැල්මේ දුවනවා.තමන් දුවන්නේ මිරිඟුවක් පස්සේ කියල එයාලට තේරේවි කල් ගිහින්.
බලන්න යාලුවේ...අද කඳු සමතලා කරගෙන අධිවේගී මාර්ග,කඳු හාරලා උමන් හදලා මහා ජල යෝජනා ක්‍රම,භූගත විදුලි බලාගාර..ගස් කපල..සත්තු මරල ගුවන් තොටුපළවල්..
මේවා අපිට ඕන තමයි.ඒත් මේවා කරනකොට වෙන විනාසය ගැන බළධාරීන්ට හිතන්න බැරිද?සමහර ඒවා නම් හිතෙන්නේ නැ...සමහර ඒවා හිතුනත් ඒවා නොසලකාහරින්න කරුණු තියෙනවා....සමහර ඒවා හිතිල ක්‍රියාත්මක කරනවා...

වැඩක් නැ යාලුවේ තවත් ලියලා.ඕව ඔහොම තමයි කියලා යන එක හොඳයි.ඇත්ත තේරුම් අරගෙන තමන් හැදෙන්න.පුළුවන් නම් වෙන කෙනෙක් හදන්න බලන්න.

අවුරුද්ද වෙනස් වෙලා.ඒත්,අවුරුද්ද කියන සංකල්පය අපිව තවමත් යම් තරමකට අලුත් කරනවා.තමන්ගේ ඉලක්කයට යන්න ඕනනේ ඉතින් මෙ සමාජේ.ඉතින් අපිට මෙ අලුත් වීම අලුත් පණක් ලබලාදෙවී.හරියට මම දැන් මේක ලියලා ඉවර වෙලා ඇත දෙක දෙපැත්තට දාලා හොඳ හුස්මක් ගන්නවා වගේ.
එක තමයි දැන් තියෙන අවුරුද්දට අනුව ඔයා ගන්න ඕන අදහස.තමාගේ සිතටම.
කොහොම වුනත් සතුටුවෙන්න මෙ අලුත් අවුරුද්දේ.සතුටු වෙන්න හරියට.
කොහොම වුනත් ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.

Apr 5, 2013

ප්‍රත්‍යාවර්ථ ධාරාව/වෝල්ටීයතාව සහ සරල ධාරාව/වෝල්ටීයතාව(Alternating Current/Voltage and Direct Current/Voltage)


හොඳයි...මම මුලින්ම ධාරාව සහ වෝල්ටීයතාවය යන සංකල්ප හඳුන්වා දුන්නා.දැන් බලමු ඒ වෝල්ටීයතාවය සහ ධාරාවේ ආකාර දෙකක් වන ප්‍රතයාවර්ථ සහ සරල යන ආකාර ගැන.
අපි දන්නවා සම්මත ධාරාව + සිට - දක්වා ගලන බව.ඉලෙක්ට්‍රොන ප්‍රවාහය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලන බව.දැන් ඔබ වෙළඳපොළෙන් ගන්නා බැටරියක මෙසේ + සහ - ලෙස සලකුණු කර තිබෙනවා.ඒ අනුව අපිට ඒ බැටරිය මගින් ධාරාව නියමිත දිශාවට ගලන බව පෙනීයනවා.
බැටරියේ ශක්තිය කාලය සමග අඩු නොවන බව උපකල්පනය කලොත්,අපිට එහිදී ගලන ධාරාව කාලය සමග මෙසේ ප්‍රස්තාර ගතකල හැකියි.ඔසිලස්කොපයක(දොලනේක්ෂය) අධාරයෙන් මෙලෙස ලබාගත හැකිය.


කාලයත් සමග අඩු වැඩි නොවන සරල ධාරාවක්/වෝල්ටීයතාවක්
මෙහිදී කාලය සමග ධාරාවේ හෝ වොල්ටියතාවේ අගය අඩු වැඩි වීමක් හෝ දිශාව වෙනස් වීමක් සිදුවී නැත.
මෙවැනි සරලා ධාරා වියලි කෝෂ,සුර්ය කෝෂ,සරල ධාරා ඩයිනමෝ වැනි විද්‍යුත් ප්‍රභව වලින් ලබාගත හැකිය.
කෙසේ වුවත්,මෙම උදාහරණ වලදී කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වී නැත.
කාලයත් සමග ඉලෙක්ට්‍රොන ගලායාමේ දිශාව වෙනස්වන ධාරාවකට අපි ප්‍රතයාවර්ත ධාරාවක්/වෝල්ටීයතාවක් යැයි කියනුලබයි.එමෙන්ම මේවායේදී අනිවාර්යයෙන් ධාරාවේ/වොල්ටියතාවේ විශාලත්වයද වෙනස් වේ.
ඔසිලස්කොපයක(දොලනේක්ෂය) අධාරයෙන් මෙලෙස ලබාගත හැකිය.

එකිනෙකට වෙනස් ප්‍රත්‍යාවර්ථ තරංගයන් දෙකක්


AC වල දර්ශීය ආකාර

මෙම සියලු තරංග සටහන් වල X අක්ෂය කාලය වේ.Y අක්ෂය වොටියතාව හෝ ධාරාව වේ.
මෙවැනි ප්‍රත්‍යාවර්ථ ධාරාවක් අපට අපගේ නිවසට ලබාදෙන විදුලි සැපයුමෙන් ලැබෙයි.එමෙන්ම AC ඩයිනමෝ වැනි ප්‍රභව වලින් ලබාගත හැකිය.
තවද,රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සහ අධානය කිරීමේදී පරිපථ වල ඇතිවනුයේ AC තරන්ගයන් වේ.තවත් බොහෝ තැන වලදී AC තරංග හමුවේ.එනිසා AC තරංග,ඒවායේ ලක්ෂණ ගැන විශේෂයෙන් දැන සිටිය යුතුය.

මහාචාර්ය සේනක බ්බිලේ





මුළු ලෝකයම ප්‍රශ්න මාලාවකට ඇදගෙන යාමට තරම් භයානක ජාවාරම් තුනක් ලෝකයම වෙලාගෙන ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය හා ඖෂධ මේ ජාවාරම් තුනයි. මේවා විටෙක මානුෂීය මුහුණුවරකින් වාගේම ත්‍රස්තවාදී මුහුණුවරකින්ද අප හමුවේ පෙනී සිටියි. අනෙක් ඒවා කෙසේ වෙතත් මිනිසකු සුවපත් කරන ඖෂධ ජාවාරමක් ලෙස ඇත්තටම පවතිනවාද යන්න ගැන විටෙක ඔබ සැක සිතනවාද විය හැකිය. පෙර සඳහන් කරන ලද ජාවාරම් අතුරෙන් භයානකම ජාවාරම එයයි. තම ජාවාරමට එරෙහි වන හා එහි සැබෑ තතු ලෝකයට හෙළිකරන්නට උත්සාහ දරන අයකු ලෝකයේ කොහේ සිටියත් අභිරස් ලෙස මරා දමන්නට තරම් එම ජාවාරම් කරුවන් බිහිසුනුය. මහාචාර්ය සේනක බිබිලේ එසේ මෙම ජාවාරම්කරුවන් බිලිගත් වටිනා මනුෂ්‍යයෙකි. 

රදලයකු වූ විප්ලවවාදී අදහස් දරන්නකු ලෙස ප්‍රකට චාල්ස් විලියම් බිබිලේ තම අදහස් නිසාම පහතරටින් විවාහයක් කරගත්තේය. ඇය සිල්වියා ජයවර්ධනයි. මේ යුවලට දාව 1920 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනිදා අහංගම කතළුවේදී මෙලොව එළිය දුටු සේනක විලියම් බිබිලේ ද පවතින සමාජ ක්‍රමය වෙනස්ම ආකාරයකින් දකින්නට හුරුපුරුදු විය. ඒ පවුලෙන් ලැබුණ ආභාෂය නිසාවෙනි. මෙයට අමතරව බිබිල බෝධිරුක්ඛාරාමාධිපති ටැංගොඩ නායක හාමුදුරුවන්ගෙන් ලද ගුරුහරුකම් ද ඔහුගේ ඉදිරි ගමනට බොහෝදුරට ඉවහල් විය. බදුල්ල විද්‍යාලයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුල්වූ අතර උසස්ම ප්‍රතිඵල සමඟ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විය. 

වෛද්‍ය අංශයෙන් හා ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් රන් පදක්කම් ලබමින් ඔහු සාර්ථක අධ්‍යාපන කටයුතු අවසන් කරන ලද අතර 1949 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහාය. එහිදී මහාචාර්ය වාන්හෙඩ් සමඟ එක්ව හෝමෝන කාණ්ඩයක් පිළිබඳ කරන ලද පර්යේෂණයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයකු වීමට ඔහුට හැකි විය. ඉන් ආචාර්ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණ 1954 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාලයේ ආරම්භ වූ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපන අංශයේ ප්‍රධානිය ලෙස සේවය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය. 

මේ සේවය කරන අතර ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීමද ඔහු විසින් ආරම්භ කරන ලද අතර කොමියුනිස්ට් මත ධාරියකු වූ ඔහුගේ අදහස වූයේ පවතින පාලන ක්‍රමය තුළ මෙය කළ නොහැකි බවයි. 1970 වර්ෂයේදී බලයට පැමිණි සමගි පෙරමුණ රජය මගින් ඔහුටත් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී. 

1971 වර්ෂයේදී මාර්තු මස 23 වැනිදා වාර්තාව එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බාර කරන ලදී. එය ක්‍රියාවට නැගීමේ අරමුණෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන සංකල්පයද ලෝකයට හඳුන්වා දෙමින් එහි මුල්ම සභාපති ලෙසද පත්වෙමින් 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා ඔහුව එම තනතුරට පත් කරන ලදී. ඒ අනුව වසර තුනක් තුළ හොඳ තත්ත්වයේ ඖෂධ ලබා දෙමින් කෝටි එකොලහක විදේශ විනිමයක් රටට ඉතිරි කර දීමටත් ඔහු සමත් විය. 

1975 වර්ෂයේදී සමගි පෙරමුණු රජයෙන් ලංකා සමසමාජ පක්ෂය ඉවත් වුණු අතර සේනක බිබිලේද තම තනතුරෙන් ඒ අනුව ඉවත් විය. පවතින රජයක් තුළින් ප්‍රගතිශීලින් ඉවත් කිරීමට තරම් බලවත් කමක් ඖෂධ සමාගම් සතු බවට මෙය උදාහරණයක් ලෙස දැකිවිය හැකිය. තම වගකීම අත්නොහැරි ඔහු 1976 වර්ෂයේදී නොබැඳී ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේම අවධානයට මෙය යොමු කිරීමට සමත් විය. ඒ අනුව 1977 වර්ෂයේදී අපේ‍්‍රල් මස 24 වනදා ඈන්ක්ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස ජිනීවා නගරයේදී ඔහුගේ සේවය අරඹන ලදී. මේ පුවත කණවැකුණු ඔහුගේ මිතුරකු වන ආචාර්ය පීටර් බ්‍රයන් ඖෂධ සමාගම් ඔබව ලුහුබඳින නිසා ප්‍රවේසම් වන ලෙසද අනතුරු ඇඟවූ අතර සේනක බිබිලේගේ පිළිතුර වූයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිසා මිය ගියහොත් ඒ මරණය ශ්‍රේෂ්ඨ වන බවයි. 

මෙම තනතුර ලැබීමෙන් පසු ඔහුට අපි‍්‍රකානු රටවල දූපත්වල වෙසෙන ජනතාව සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම බාර කරන ලදී. තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු ට්‍රිනිඩෑඩ්, ජැමෙයිකා, ඇන්ටිගා වැනි දූපත්වල සංචාරය කරන ලද අතර 1977 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වැනිදා ගයානාවට පැමිණ 29 වනදාට වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බැවින් තම වාර්තාවද පිරිස සමඟ සාකච්ඡාකිරීමෙන් පසු එදින රාත්‍රියේ ඔහු නින්දට ගියේය. පසුදින ඔහුගේ සිරුර ගයනා රෝහලේ ඇඳක් මත විය. මරණයට හේතුව හෘදයාබාධයක් බවට වාර්තා නිකුත් විය. පසුව ඔහුගේ බිරිය ඇතුළු තුන්දෙනෙකුගේ සහබාගිත්වයෙන් ගයනාවේ වෙරළකදී ඔහුගේ සිරුර ආදාහනය කරන ලදී. 

මූළු ලෝකයේම ජනයාව වෙලාගෙන ඇති ඖෂධ මාෆියාවෙන් ගලවා ගැනීමට සටන් කළ මහාචාර්ය සේනක බිබිලේගේ මරණය අදටත් අභිරහසකි. ඔහුව මරාදැමුවද ඔහු ඉදිරිපත් කරන ලද දෙය විනාශ කිරීමට නොහැකි විය. මේ වනවිට ලෝකයේ රටවල් 26ක පමණ ඔහුගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇති අතර රටවල් සියයකට අධික ප්‍රමාණයක් මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබෙන අතර ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් ක්‍රියාකරන අයව අදටත් ඒ ඒ රටවල හඳුන්වන්නේ තම රටේ සේනක බිබිලේ යනුවෙනුයි. 

ශ්‍රී ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ එහි බැබලෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදා ගත්තෙමු 1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ ප්‍රධානි දොස්තර හාටි මහතා එසේ ප්‍රකාශයක් කරන ලදී.