Apr 5, 2013

ප්‍රත්‍යාවර්ථ ධාරාව/වෝල්ටීයතාව සහ සරල ධාරාව/වෝල්ටීයතාව(Alternating Current/Voltage and Direct Current/Voltage)


හොඳයි...මම මුලින්ම ධාරාව සහ වෝල්ටීයතාවය යන සංකල්ප හඳුන්වා දුන්නා.දැන් බලමු ඒ වෝල්ටීයතාවය සහ ධාරාවේ ආකාර දෙකක් වන ප්‍රතයාවර්ථ සහ සරල යන ආකාර ගැන.
අපි දන්නවා සම්මත ධාරාව + සිට - දක්වා ගලන බව.ඉලෙක්ට්‍රොන ප්‍රවාහය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලන බව.දැන් ඔබ වෙළඳපොළෙන් ගන්නා බැටරියක මෙසේ + සහ - ලෙස සලකුණු කර තිබෙනවා.ඒ අනුව අපිට ඒ බැටරිය මගින් ධාරාව නියමිත දිශාවට ගලන බව පෙනීයනවා.
බැටරියේ ශක්තිය කාලය සමග අඩු නොවන බව උපකල්පනය කලොත්,අපිට එහිදී ගලන ධාරාව කාලය සමග මෙසේ ප්‍රස්තාර ගතකල හැකියි.ඔසිලස්කොපයක(දොලනේක්ෂය) අධාරයෙන් මෙලෙස ලබාගත හැකිය.


කාලයත් සමග අඩු වැඩි නොවන සරල ධාරාවක්/වෝල්ටීයතාවක්
මෙහිදී කාලය සමග ධාරාවේ හෝ වොල්ටියතාවේ අගය අඩු වැඩි වීමක් හෝ දිශාව වෙනස් වීමක් සිදුවී නැත.
මෙවැනි සරලා ධාරා වියලි කෝෂ,සුර්ය කෝෂ,සරල ධාරා ඩයිනමෝ වැනි විද්‍යුත් ප්‍රභව වලින් ලබාගත හැකිය.
කෙසේ වුවත්,මෙම උදාහරණ වලදී කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වී නැත.
කාලයත් සමග ඉලෙක්ට්‍රොන ගලායාමේ දිශාව වෙනස්වන ධාරාවකට අපි ප්‍රතයාවර්ත ධාරාවක්/වෝල්ටීයතාවක් යැයි කියනුලබයි.එමෙන්ම මේවායේදී අනිවාර්යයෙන් ධාරාවේ/වොල්ටියතාවේ විශාලත්වයද වෙනස් වේ.
ඔසිලස්කොපයක(දොලනේක්ෂය) අධාරයෙන් මෙලෙස ලබාගත හැකිය.

එකිනෙකට වෙනස් ප්‍රත්‍යාවර්ථ තරංගයන් දෙකක්


AC වල දර්ශීය ආකාර

මෙම සියලු තරංග සටහන් වල X අක්ෂය කාලය වේ.Y අක්ෂය වොටියතාව හෝ ධාරාව වේ.
මෙවැනි ප්‍රත්‍යාවර්ථ ධාරාවක් අපට අපගේ නිවසට ලබාදෙන විදුලි සැපයුමෙන් ලැබෙයි.එමෙන්ම AC ඩයිනමෝ වැනි ප්‍රභව වලින් ලබාගත හැකිය.
තවද,රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සහ අධානය කිරීමේදී පරිපථ වල ඇතිවනුයේ AC තරන්ගයන් වේ.තවත් බොහෝ තැන වලදී AC තරංග හමුවේ.එනිසා AC තරංග,ඒවායේ ලක්ෂණ ගැන විශේෂයෙන් දැන සිටිය යුතුය.

3 comments:

  1. කාලෙකට පස්සෙ රත්තරං වටින බ්ලොග් එකක් හම්බ වුනා...

    ReplyDelete
  2. ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කොට ඇත.ඉදිරියටත් කරගෙන යමු.

    ReplyDelete