Jan 29, 2013

ධාරාව,වෝල්ටීයතාවය සහ ප්‍රතිරෝධය.


          කලින් පාඩම් වලදී මම ධාරාව,වෝල්ටීයතාවය සහ ප්‍රතිරෝධය කියන සංකල්ප පැහැදිලි කළා.මේවා එකිනෙකට ස්වායත්තව පැහැදිලි කළ හැකි සංකල්ප නොවෙයි.එනිසා මම කලින් මේවා උචිත ලෙස යම් සරලතම සම්බන්දතාවයන් පෙනෙන පරිදි පැහැදිලි කළා.
          එහිදී,ඕම් නියමය මගින් ධාරාව සහ වෝල්ටීයතාවය අනුලෝමව සමානුපාතික වන බව පෙන්වූවා.එමෙන්ම,එම සමානුපාතික නියතය මගින් ප්‍රතිරෝධය නම් සංකල්පය මතුවන ආකාරය මම පැහැදිලි කළා.
          වෝල්ටීයතාවක් යනු යම් ලක්ෂ්‍ය දෙකක් අතර ඉලෙක්ට්‍රොන පිඩන වෙනස/විභව වෙනස බවද,ධාරාව යනු ඉලෙක්ට්‍රොන ගලායන සිග්‍රතාවය බවද,ප්‍රතිරෝධය යනු ධාරාව ගැලීමට දක්වන භාදාව බවද කලින් සඳහන් කරලා තියෙනවා.
          දැන් අපි මේ රාශි අතර ගනිතානුකුල සම්බන්දතාවය විමසාබලමු.
          V=I.R ලෙස මෙම රාශි අතර සබඳතාව දක්වන සමීකරණය මම කලින් හඳුන්වල දුන්න.දැන් අපි මේ සමීකරණය අපට පවසන දෙය තේරුම් ගනිමු.අමුතුවෙන් දෙයක් කියන්නේ නැ.කියන්නේ මම කලින් කියල තියෙන ඒවමයි.ඒ නිසා මම සරල සටහනකින් මේ ගැන පැහැදිලි කරන්නම්.

          මෙම සටහන මගින් රාශි තුනෙහි විවිද අවස්ථාවන්ට අදාලව එම රාශි කෙසේ වෙනස්වේදැයි ගුණාත්මකව පෙන්නුම් කරනු ලබයි.
1 අවස්ථාව - වෝල්ටීයතාව අඩු/වැඩි වන විට ධාරාවත හෝ ප්‍රතිරෝධය යන දෙකෙන් එකක් හෝ දෙකම හෝ අඩු/වැඩි වේ. (කෙසේ හෝ ධාරාවෙත්,ප්‍රතිරෝධයේත් ගුණිතය වොල්ටියතාවට සමාන වේ.)
2 අවස්ථාව - වෝල්ටීයතාවය වැඩි හෝ අඩු වන විට ධාරාව පිළිවලින් වැඩි හෝ අඩු වේ.( මෙහිදී ප්‍රතිරෝධය නියතය.)
3 අවස්ථාව - වෝල්ටීයතාවය වැඩි හෝ අඩු වන විට ප්‍රතිරෝධය පිළිවලින් වැඩි හෝ අඩු වේ.( මෙහිදී ධාරාව නියතය.)
4 අවස්ථාව - ධාරාව වැඩි හෝ අඩු වන විට ප්‍රතිරෝධය පිළිවලින් අඩු හෝ වැඩි වේ.( මෙහිදී වෝල්ටීයතාව නියතය.)

          දැන් මේ අවස්ථාවල යෙදීම පිළිබඳව සලකාබලමු.
                   1.ගැටලුව.
                             බල්බයකට 12V බැටරියකින් විදුලිය සපයයි.එම බල්බය ලබාගන්නා ධාරාව 50mA කි.බල්බයේ ප්‍රතිරෝදය සොයන්න.
                             මෙයට අපි පහත පරිදි සරල පරිපත සටහනක් අඳිමු.
                            
                             දන්නා රාශි. à V=12V , I=50mA
                             V=IR
                             12=50 * 10-3 * R
                                    R=12/50 * 10-3
                             R=240 Ω
                             බල්බයේ ප්‍රතිරෝධය 240 Ω බව ලැබී ඇත.මෙහිදී සමීකරණයට අගයන් ආදේශයේදී SIU භාවිතා කළයුතුය.මෙහි mA à A කිරීමට 1000න් බෙදා ඇත.
                   2.ගැටලුව.
                             ඉහත පරිපථයටම 6V බැටරියක් මගින් විදුලිය ලබාදීමේදී බල්බය තුලින් ගලන ධාරාව සොයන්න.
                             අපි කලින් මේ පරිපථයේ පවතින බල්බයේ ප්‍රතිරෝධය 240 Ω බව සොයාගන්නා ලදී.
                             එනිසා අපි R=240 Ω , V = 6V බව දනිමු.දැන් ධාරාව සෙවිය හැකිය.
                             V=IR
                             I=6/240 = 0.025A = 25mA
                             සපයන වෝල්ටීයතාවය භාගයක් කලවිට,පරිපථයේ ගාන ධාරාව භාගයකින් අඩුවී ඇත.
                   3.ගැටලුව.
                             12V බැටරියකින් 2.5V/100mA ලෙස සටහන්ව ඇති(ක්‍රමාන්කිත) ටෝච් බල්බයක් දැල්වීමට යෙදිය් යුතු ප්‍රතිරෝධය සොයන්න.
                             මෙහිදී ප්‍රතිරෝධය මගින් බල්බයට අවශ්‍ය නොවන වෝල්ටීයතාව දරාගත යුතුය.බල්බයට අනවශ්‍ය වෝල්ටීයතාවය = 12-2.5=9.5V
                             පහත පරිදි මෙයට පරිපත සටහනක් ඇඳිය හැකිය.
                            
                             මෙහි ප්‍රතිරෝධකය සහ බල්බය ශ්‍රේනිගතය.එනිසා මේ දෙකම තුලින් 100mA වන එකම ධාරාවක් ගලායයි.
                             අපට අවශ්‍ය R හි අගය වේ.එනිසා R අතර විභාවාන්තරය සහ ඒ තුලින් ගලන ධාරාව දැනගත යුතුය.
                             එම අගයන් බෙය ගණනය කර ඇත.එනම්,V=9.5V , I=100mA=0.1A
                             දැන් R=V/I=9.5/0.1=95Ω

එහෙනම්,මෙතනින් මේ ලිපිය අවසානයි.වැඩිදුර අධ්‍යනය කරන්න තමන් විසින්ම ගැටළු නිර්මාණය කරගෙන විසඳන්න.

තෙරුවන් සරණයි.පසුව හමුවෙමු.
                              

2 comments:

  1. Template Ekata Hoda Lassana Ekak Damu neda? Apita Ethakota Thawath Interest wei.. :)

    ReplyDelete
  2. White Background Eke Thiyenkota Meya Kiyawana Bohomayak Denata Tikak Apahasui.. E ganath tikak awadanaya yomu karanawanam hodai..

    ReplyDelete