Sep 17, 2013

පෙන් එකේ හිඩ්න් වෙච්ච ඒවා හදාගන්න

රසික කියල මල වදකාර එකෙක් ඉන්නවා අපේ ටෙක් එකේ..ඌ අද මට උගේ පෙන් ඩ්‍රයිව් එක දීල කියනවා මේකේ හිඩ්න් වෙච්ච හදල දියන් කියල.
වදකාර වයිරස් එකක් තියෙනවා තියෙන ෆයිල්,ෆෝල්ඩර් හිඩ්න් කරලා ෂොට් කට් එකක් හදනවා ඒ වයිරස් එකේ පාත් එකට.
ඉතින් ඔරිජිනල් ෆයිල් එක වගේ පේන ෂොට් කට් එක රන් කරලා වයිරස් එක රන් කරව ගන්නවා.
මේක ඇවෙස්ට් වගේ වයිරස් ගාඩ් වලට අහුවෙනවා.එත් හිඩ්න් වෙච්ච් ෆයිල් ආපහු ෂෝ වෙන්නේ නෑ.
අපි මැනුවල් හිඩ්න් යන් කරන්න ඕන.සිස්ටම් ෆයිල් විදියට හිඩ්න් කරන නිසා රයිට් ක්ලික් කරලා ප්රෝපටිස් වලින් බෑ.දොස් ප්‍රොම්ප්ට් එකෙන් කමාන්ඩ් දීල කරන්න ඕන.
මෙහෙම,
attrib <FileName> -r -h
ඔය විදියට හැම ෆයිල් එකටම කරන්න ගියාම ............................$%%%%$^

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් පුළුවන් ඔක්කොම හිඩ්න් වෙච්ච එකපාර ෂෝ වෙන්න හදන්න.

මේ සොෆ්ට්වෙයා එක පෙන් එකට කොපි කරලා රන් කරන්න.එච්චරයි.
මතක ඇතුව පෙන් එකේ ෆෝල්ඩර් වලට කොපි කරන්න එපා.එහෙම උනොත් ඒ ෆෝල්ඩරේ විතරක් තියෙන ඒවා ෂෝ වෙයි.
මෙන්න සොෆ්ට්වෙයා කෑල්ල...

මෙන්න සෝස් කෝඩ්..ලොල්..ඇති මගුලක් නෑ..ඕන අය බලාගන්න.

ප.ලි.
මේ කරන එක ඔක්කොම කමාන්ඩ් එකෙන් කරන්නත් පුළුවන් නොවෑ...මම දැන් දන්නේ..Thanks Chamith ට..මේ කොමාන්ඩ් එක හරි..
attrib -h -s -a /s /d
අවුලක් නෑ නේ..ඔන්න ඔය වී බි වලින් ෆයිල් ෆෝල්ඩර් ලිස්ට් එකක් ගන්න හැටි දන ගත්ත නොවෑ..හි හි .. PS


0 ප්‍රතිචාර:

Post a Comment